gossip lanka

විදුලි සෝපානයක සිරවී තරුණයකු මරුට !

මුළු රටටම අවුරුදු උදාවන මොහොතේ, ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ආහාර අලෙවි ආයතනයක විදුලි සෝපානයක සිරවී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ  (14) අලුයම මෙලෙස මියගොස් ඇත්තේ බටපොල - ඉලුක්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
gossip lanka