gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස් රියදුරන්ගේ නිදිමත නැතිවෙන්න ‘මාවා’ විකුණන වෙළඳසැලක් වටලයි

යාපනය නගරයේ පාර පහ හන්දිය අසල වෙළෙඳ සැලක් වැටලූ යාපනය පොලීසියේ නිලධාරීන් පිරිසක් එම වෙළඳ සැලේ විකිණීමට සූදානම් කොට තිබූ නීති විරෝධී මාවා බුලත් විට  පැකට් 53 ක් අත් අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව  ”මාවා බුලත්විට” සැකසීම පිණිස එම වෙළෙඳ සැලට රැගෙනවිත් තිබූ අමුද්‍රව්‍ය තොගයක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.


උතුරු ප්‍රදේශය බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් සිවිල් ඇදුමින් යොදවා ”මාවා බුලත්විට” අලෙවිකරණ අවස්ථාවේදීම අත් අඩංගුවට ගෙන ඇත.

යාපනයේදී මෙම ”මාවා බුලත්විට” අලෙවි කරණු ලබන්නේ බස් රියදුරන්ට හා පාසල් සිසුන්,උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් ඉලක්ක කරගෙන බව පොලීසිය කියයි.

බස් රියදුරන් මෙම ”මාවා බුලත් විට” වැඩි වශයෙන් පාවිච්චි කරණු ලබන්නේ රාත්‍රී කාලයට නින්ද යාම වළක්වා ගැනීම පිණිස බව ප්‍රකාශ කරණ පොලීසිය මේ තත්ත්වය මත එම බුලත්විට විශාල ප්‍රමාණයක් රියදුරන්ට අලෙවි කිරීමට හැකි බවද පොලීසිය වැඩි දුරටත් පවසීය.

මාවා බුලත් විට” අලෙවි කරමින් සිටියදී අත් අඩංගුවට ගත් යාපනයේ වෙළෙඳ සැල් හිමියා යාපනය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka