gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතේ සතේ නැතත් බස් එකේ ගෙදර යන්න ක්‍රමයක්

මගී ජනතාවට වෙන වෙනම ප්‍රවේශ පත්‍ර නොගෙන ලංගම, පෞද්ගලික බස් රථ හා දුම්රියෙන් ගමන් කළ හැකි විද්‍යුත් කාඩ් පතක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරයි.
ටච් කාඩ් යනුවෙන් නම් කෙරෙන මෙම ස්මාර්ට් කාඩ් පත්‍රය මිලදී ගන්නා මඟීන්ට ලංගම හා පෞද්ගලික බස් සහ දුම්රියෙන් ගමන් කළ හැක. මෙම කාඩ් පත මඟීන් විසින් මුදල් ගෙවා මිල දී ගත යුතු අතර බසයේ දී හෝ දුම්රියේදී ගමන් කිරීමේ දී ඒ සඳහා වන ගාස්තුව කාඩ් පතින් අඩු කරගනු ලැබේ.

 ගමනගමන කොමිෂන් සභාව,භාණ්ඩාගාරය,ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකා පේ සමාගම එක්ව මෙම ටච් කාඩ්පත සකස් කරගෙන යන බව ජාතික ගමනගමන කොමිෂන් සභවේ සභාපති ඉංජිනේරු එම්.ජී.පී.හේමචන්ද්‍ර මහතා පැවසීය.

ටච් කාඩ් පත භාවිතා කරන මඟීන්ගෙන් කපා ගන්නා මුදල් ලංකා පේ සමාගම හරහා මංගම,පෞද්ගලික බස්  හිමියන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලට බැර කෙරෙනු ඇත. මෙම කාඩ් ක්‍රමය ක්‍රියාත්මක වූ පසු බස් මඟීන්ට ඉතිරි මුදල් නොලැබීම වැනි අක්‍රමිකතා වළක්වාගත හැකි බවද ජාතික ගමනගමන කොමිෂන් සභවේ සභාපතිවරයා පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka