gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් අවුරුද්දේ බන්ධනාගාර රැඳවියන්ට වරප්‍රසාද

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද සහ හෙට දෙදින තුළ බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණෙන්නන්ට අතිරේක අවස්ථාවක් සලසා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .

ඒ අනුව ඥාතීන් රැගෙන එන ආහාරපාන ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවේ.

මීට අමතරව අවුරුද්ද උදාවන හෙට දිනයේ උදෑසන කිරිබත් ද දහවලට කහබත් ද ලබාදීමට බන්ධනාගාර
දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

සාමාන්‍යෙයන් බන්ධනාගාරගතව සිටින අයෙකුට ඥාතීන් මුණගැසීමට මසකට වරක් අවස්ථාව හිමිවන අතර මරණ දණ්ඩනයට නියම වූවෙකුට මසකට දෙවරක් එම අවස්ථාව හිමිවේ.

ඒ අනුව මේ ලැබී ඇති විශේෂ වරප්‍රසාදයේදී එය නීත්‍යානුකූලව භුක්ති විඳින ලෙස එම දෙපාර්තමේන්තුව රැඳවියන්ගෙන් මෙන්ම ඥාතීන්ගෙන්ද ඉල්ලා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka