gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන් පලන රතිඤ්ඤා හඬෙන් පරිස්සම් වෙන්න කියයි !

රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි දල්වා පිපිරවීමේදී ඒවායින් නැඟෙන අධික ශබ්දය හේතුවෙන් ඒ අසල ගැවසීමෙන් කන් අඩියට හානි වීමේ දැඩි අවදානමක්‌ පවතින බව උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය කියයි.

කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

මෙම තත්ත්වය මත රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාවිතය අවම කිරීමෙන් හා ඒවා දැල්වීමේදී ඒ ආසන්නයේ නොසිටීමෙන් කනට සිදුවන හානිය වළක්‌වා ගත හැකි බව වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවාය.


ගිනිකෙළි අනතුරුවලින් රෝහල් ගත වන බොහෝ දෙනකුගේ කන් අඩියට හානි සිදුව ඇති බව පසුගිය සමයේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇති බවද පැවසේ.

මේ අතර අවුරුදු සමයේ අධික බීමතින් රිය පැදවීම සිදු නොකළ යුතු බවත්, ජලාශවල හෝ මුහුදේ ස්‌නානය කිරීමට යැමේදී ජල මට්‌ටම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවත් මෙහිදී ඇය අවධාරණය කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka