gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස් තුන් මසකටපසු ක්‍රිකට් පිටියට

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාස තුනකට අධික කාලයකට පසු යලි පිටියට පිවිසීමට නියමිතය.

අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වීමට නියමිත අන්තර් පළාත් සිව්දින තරගාවලියේ තෙවෙන වටයේ තරග සඳහා ඔහු සහභාගී වනු ඇත.

එම තරගාවලියේ මහනුවර කණ්ඩායමට ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන අතර ඔවුන් ගාල්ල
කණ්ඩායම සමග සූරියවැව ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස 2018 වසර මුලදී නැවත පත්වූ ඇන්ජෙලෝ මැතිව්ස්, 2019 වසරේ ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව ප්‍රකාශයට පත් විය.

නමුත් ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදීම ආබාධයට ලක් වීම හේතුවෙන් ඔහුට සහභාගි වීමට හැකි වූයේ එක් එක්දින තරගයකට පමණි.

මෙම වසර ඇතුළත ඔහු දැනට සහභාගී වී ඇත්තේ එක් තරගයක් සඳහා පමණි. එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචාරයට සහභාගිවීම ඉලක්ක කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් දැන් පුහුණුවීම වල යෙදෙමින් සිටී.

"දැන් මම හොඳ ශරීර යෝග්‍යතාවයකින් පසු වෙනවා. පිතිකරුවෙක් ලෙස පමණක් මේ මුල් සංචාර කීපය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මාධ්‍යට පවසා තිබුණේ මින්පසු ඇන්ජෙලෝ මැතිව්ස් පිතිකරුවකු ලෙස පමණක් ක්‍රීඩා කරනු ඇති බවය.

එය නැවතත් ඔහුගේ පාදයේ අබාධය ඇතිවීම වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

2013 සිට 2015 දක්වා ලෝකයේ වැඩිම තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ඇන්ජෙලෝ මැතිව්ස් වන අතර, මින් පසු ඔහු එක පෙලට තරගවලට යෙදවීමෙන් වළක්වන බව ලැබ්රෝයි පැවසීය.

කෙසේ නමුත් ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියේ මුල් සංචාර කීපයේ දී තමන් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන අතර ශාරීරික යෝග්‍යතාව අනුව පන්දු යැවීම පිළිබඳ පසුව තීරණයක් ගන්නා බවය.

ලෝක කුසලාන තරගාවලියේදී පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් පැවසුවේය.

ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු යැවීම තුළින් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර, එය කණ්ඩායමේ සමබරතාව රැකීමට හේතු වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් පන්දු යවන්නන් අතරින් පන්දු වාරයකට අඩුම ලකුණු සාමාන්‍යයක් ලබා දුන් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වී ඇත.

(බීබීසී සංදේශය)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka