gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාපන්දු ලොක්කෙක් අත්අඩංගුවට !

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ රුපියල් මිලියන 20 කට අධික මුදලක් අස්ථානගතවීමේ දැවැන්ත මූල්‍ය වංචාව පිළිබඳව ක්‍රියාත්මක පරීක්‍ෂණයකට අදාළ පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු ප්‍රභාත් ගුණවර්ධන මහතාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කරනු ඇතැයි වාර්තා වේ.

අදාළ නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඇතැම්
විට ඔහු අත්අඩංගුවට පත්වීමටද ඉඩ ඇති බව පැවසේ.

පොලිසිය කළ පුළුල් පරීක්ෂණයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රභාත්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු දැනුවත්ව මේ දූෂිත ගනුදෙනු සිදුවූ බවට හෙළිව ඇති බවද වාර්තා වේ.

මේ අතර, අදාළ නිලධාරියා මෙම මූල්‍ය චෝදනාවට කොටුකිරීම පිටුපස පාපන්දු සම්මේලනයේ බලය පිළිබඳ පැරණි කෝන්තරයක් ඇති බවටද පාපන්දු කේෂත්‍රයේ රාවයක් පවතී.

කෙසේවුවද, මේ පරීක්ෂණවලින් තවත් පාපන්දු ලොක්කන් පිළිබඳ තොරතුරු හෙළිවනු ඇති බවට ද සැකයක් පවතී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka