gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේපළ සොළවන අවසන් කැමති පත්‍ර හෙට විවෘත වෙයි

දශක ගණනාවක් තිස්සේ මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන බිලියන ගණනාවක් වටිනා විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ අන්තිම කැමැති පත්‍ර 254 ක් කොළඹ දිසා අධිකරණයේදී විවෘත කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු අවසර දී තිබෙන බව නියෝජ්‍ය මහ භාරකාර ජී. බි. කරවිට මහත්මිය පවසයි.

ඒ අනුව මෙම අන්තිම කැමැති පත්‍ර කොළඹ දිසා අධිකරණයේදී හෙට (27) පස්වරුවේ විවෘත කිරීමට
නියමිතය.

මෙලෙස මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තැන්පත් කර තිබෙන්නේ 1931 වසරේ සිට මෙරට විවිධ පුද්ගලයන් තමන් මිය ගිය පසු තමන්ගේ භාරකරුවන්ට, අඹු දරුවන්ට, ඥාති මිත්‍රාදීන්ට හෝ සමාජ සුබසාධන කටයුතු සඳහා පවරා දෙන ලද අන්තිම කැමැති පත්‍රයන්ය. මෙම අන්තිම කැමැති පත්‍ර බහලු ලිපි කවර 254 ක් මෙම දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන බවද නියෝජ්‍ය මහ භාරකාරවරිය ප්‍රකාශ කළාය.

මේ අතර 931 වසරේ සිට මේ දක්වා මෙම සේප්පුව විවෘත නොකිරීමට හේතු කවරේද යන්න තම දෙපාර්තමේන්තුව නොදන්නා බවද ඇය සඳහන් කළාය.

මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන මෙම අන්තිම කැමැති පත්‍ර විවෘත කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහ භාරකාර සනත් වීරරත්න මහතා ඉකුත් 29 දා අධිකරණය වෙතින් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා මෙම අවසරය දී තිබේ.

මෙම අන්තිම කැමැති පත්‍රවලට අදාළ තොරතුරු කිසිවක් මෙතෙක් නොදන්නා නිසා ඒවා විවෘත කිරීමෙන් පසු ඊට අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය කියා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka