gossip lanka

උදර්පන නීතිය යටතේ මහේන්ද්‍රන් ගෙන්වන්න පියවර

බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මෙරට අධිකරණ අමාත්‍යාංශය හරහා සිංගප්පූරු අධිකරණයෙන් ඉල්ලීමක්‌ කර අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කරවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව ද
එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

සැකකාර අර්ජුන මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයකු නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා උදර්පන නීතියට අනුව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවී ඇති බව ද පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

සැකකාර අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වනවිට ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක්‌ ද ලබාගෙන සිටියි.


-දිවයින
gossip lanka