gossip lanka

බෞද්ධයා නාලිකාවේ කචල් එක පොලිසියට !

අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහනම් කරන ලෙස ඉල්ලා ‘බෞද්ධයා ‘(The Buddhist) මාධ්‍ය ජාලයේ සභාපති, අධ්‍යක්ෂක ශ්‍රී සම්බෝධි පදනම හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඥාන හිමියන් විසින් පෙරේදා (24) කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම
පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. (පැමිණිලි ලදුපත පහත දැක්වේ)






































කෙසේවුවද, අදාළ පැමිණිල්ල නොතකා එහි පරිපාලන රැස්වීමක් පවත්වා ඇති බවද මේ අතර වාර්තා වේ.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ හිටපු සභාපති, ශ්‍රී සම්බෝධි පදනම මෙන්ම ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමත් සමඟ බෞද්ධයා නාලිකාවේ හා සම්බෝධි පදනමේ පාලනය අත්පත් කර ගැනීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බවට මේවන විට චෝදනා එල්ලවෙමින් තිබේ.

එසේම දරණාගම හිමියන් අසනීපව සිටියදී එම නාලිකාව පාලනය කරන ලද පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යක්ෂවරු 07 දෙනෙකු ඇතුළත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලු මතුව ඇත.

වජිරඥාන හිමිගෙන් සමාගම් රෙජිස්ටාර්ට ලිපියක්

ඉකුත් 24 වැනිදා පරිපාලන රැස්වීම් නොපවත්වන ලෙස පැමිණිලි කළ  බොරලන්දේ වජිරඥාන හිමියන් ඉකුත් මාර්තු 26 වැනිදා GA 2733 යටතේ ලියාපදිංචි “ශ්‍රී සම්බෝධි පදනම” හි අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් ඇතුළත් කිරීම හෝ තාවකාලිකව නතර කරන ලෙස සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබේ.

සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.






































කොම්පැනි සෙකට්‍රිගේ වීඩියෝවක් ලීක් වෙලා !

මේ අතර, මේ ගැටුම සම්බන්ධයෙන් “ශ්‍රී සම්බෝධි පදනම” හි ලේකම් නීතීඥ සජීව ශ්‍රීනාත් තිසේරා මහතා ‘බෞද්ධයා ‘(The Buddhist) මාධ්‍ය ජාලයේ සභාපති, අධ්‍යක්ෂක ශ්‍රී සම්බෝධි පදනම හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් අධ්‍යක්ෂ මණ්ඩලයට කැඳවිය යුතු බවට සෙසු සාමාජිකයන් දැනුවත් කළ බව පැවසෙන වීඩියෝ පටයක්ද සමාජ ජාල වෙතට මුදාහැර තිබේ.

එම වීඩියෝ පටයද පහත දැක්වේ.



හර්ෂ අලස්ට ඇටනි බලපත්‍රය දුන්නේ කුසලධම්ම හිමියි දෙපාර්ශවයම පිළිගනියි

කෙසේවුවද, මීට පෙර ‘බෞද්ධයා ‘(The Buddhist) නාලිකාව කොල්ලකන්න හදන සැදැහැවතුන් !” යන සිරස්තලය යටතේ අප වෙබ් අඩවිය පලකර තිබූ පුවතක් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයකු වන හර්ෂණ අලස් මහතාගේ පාර්ශවය අප වෙත දන්වා සිටියේ පුජ්‍ය දරණාගල කුසලධම්ම හිමියන්ට පිළිකාවක් වැළඳී ඇති බවට සිංගප්පූරුවේදී සිදු කළ පරීක්ෂණයකින් හෙළිවූ පසු උන් වහන්සේ ඇටෝනි බලපත්‍රයකින් හර්ෂ අලස් මහතාට උන්වහන්සේගේ පෞද්ගලික දේපලවල කටයුතු පැවරූ බවයි.

ඉන්පසුව උන්වහන්සේ රෝහල්ගතව සිටියදී ලබාදුන් උපදෙස්වලට අනුව උන්වහන්සේගේ පෞද්ගලික අයිතියට නතුව තිබූ දේපල ‘බෞද්ධයා ‘(The Buddhist) නාලිකාව පවත්වාගෙන යනු ලබන "ශ්‍රී සම්බෝධි පදනමේ" අයිතියට යටත් කළ බවයි.

‘බෞද්ධයා ‘(The Buddhist) නාලිකාව එතෙක් පාලනය කරනු ලැබුවේ අධ්‍යක්ෂ වරුන් තිදෙනෙකු යටතේ බවත්, ඒ පුජ්‍ය දරණාගල කුසලධම්ම හිමියන්, එහිමියන්ගේ ගෝල හිමිනම වන බොරලන්දේ වජිරඥාන හිමියන් හා සුරනිමල සේනාරත්න යන අය බවත් එම පාර්ශවය කියා සිටියේය.

පුජ්‍ය දරණාගල කුසලධම්ම හිමියන් රෝගාතුරව අසාධ්‍යව සිටි බැවින්ද, එමනාලිකාව පාලනය කරන ලද පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යක්ෂවරු 07 දෙනෙකු ඇතුළත් කිරීමට ලැබී තිබූ ව්‍යවස්ථානුකූල හැකියාව මත බොරලන්දේ වජිරඥාන හිමියන් හා සුරනිමල සේනාරත්න යන අයගේ මනාපය මත ඒ සඳහා තවත් පස්දෙනකු ඇතුළත් කිරීමට කටයුතු කළ බවත් ඔවුන් කියා සිටී.

මේ සම්බන්ධයෙන් අප අනෙක් පාර්ශවයෙන්ද විමසීමක් කළ අතර, ඔවුන් සිය විමතිය පලකරනු ලබන්නේ පුජ්‍ය දරණාගල කුසලධම්ම හිමියන් රෝගාතුරව අසාධ්‍යව සිටියදී අදාළ උපදෙස් දෙනු ලැබුවේ කුමණ ආකාරයෙන්ද යන්න සම්බන්ධයෙනි.

කෙසේවුවද, හර්ෂණ අලස් මහතාට එහිමියෝ ඇටෝනි බලපත්‍රයක් ලබාදෙනු ලැබුවේ උන්වහන්සේගේ කැමැත්තෙන් බවද එම පාර්ශවය කියා සිටී.

මේ අතර, මේ වහාරස්ථානයේ ප්‍රධාන දායකයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුල් කිරීමට කුසලධම්ම හිමියන්ගේ මනාපයක් වූ බව දෙපාර්ශවයම කියා සිටී.

gossip lanka