gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුලියාපිටියේ පොල් කඩපු අය උතුරේ කාර්යාලවලට

කුලියාපිටියේ පොල් කැඩූ පුද්ගලයන් උතුරේ  කාර්යාල කාර්ය සහායක හා ආරක්ෂක නිලධාරීන් ලෙස යොදවා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ  මේ වන විට
පාර්ලිමේන්තුවේ පවතින බැඳුම්කර විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා,

" දමිළ භාෂාව කතාකරන ජනතාව 100% ක් සිටින ප්‍රදේශවලට දමිළ භාෂාව කතා කළ නොහැකි අය සේවයේ යොදවා තිබෙනවා. යාපනය කච්චේරියේ සේවය කරන රියදුරන් හය දෙනෙක් ගාල්ලෙන් පැමිණ තිබෙනවා. ඇයි ගාලු රියදුරන් යොදවා තිබෙන්නේ. කුලියාපිටියේ පොල් කඩන පුද්ගලයින් උතුරේ  කාර්යාල කාර්ය සහායකයින් හා ආරක්ෂක නිලධාරීන් ලෙස සේවයේ යොදවා තිබෙනවා. පොල්මිල ඉහළ යන්නත් හේතුවක් වන්නේ පොල් කැඩිමට පුද්ගලයන් නොමැති වීම" යැයි පැවසීය.

කුලියාපිටියේ ජනතාව රට පුරා විවිධ රැකියාවලට යොමුකර ඇතැයි එම ප්‍රදේශය නියෝජනය කරන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට කලක සිට චෝදනා එල්ලවී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka