gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළොන්නට නාන බද්දක්

පසුගිය 11 දා පැවැත්වීමට නොහැකිව කල් තබන ලද කොළොන්න ප්‍රාදේශීය සභාවේ සැසිවාරය ඊයේ ( 23දා) පැවැත්වූ අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ටී.එල්. තුසිත මහතා  නාන බද්දක්‌ පිළිබඳව සභාවට යෝජනාවක්‌ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.
එහිදී ඔහු කියා සිටියේ කොළොන්නේ නාන තොටුපළවල් බොහෝ ප්‍රමාණයක්‌ ඇති බවත්
මේවායින් ආදායමක්‌ ලබාගත හැකි බවත්ය. ඒ අනුව බුළුතොට නාන තොටුපළ සංවර්ධනය කළ යුතු බවත් දිනකට මෙහි දිය නෑම සඳහා 500ක්‌ පමණ පැමිණෙන බවත් මේ අයගෙන් බදු මුදලක්‌ ලබාගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

මෙහිදී බොහෝ මන්ත්‍රීවරු මේ සඳහා මත ප්‍රකාශ කරන ලදී.කෙසේ වුවද මෙම යෝජනාව පක්‌ෂ විපක්‌ෂ මන්ත්‍රීවරුන් කිසිවකු ස්‌ථිර කර නොමැත.

කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැසිය පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 20 කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11ක්‌ද, එක්‌සත් ජාතික පක්‌ෂයේ 06ක්‌ද, ජනතා විමුක්‌ති පෙරමුණේ 02ක්‌ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 01 ක්‌ද වශයෙන් සංයුතිය සෑදී ඇත.

පෙරවරු 10 ට පමණ සභා රැස්‌වීම ආරම්භ වූ අතර මෙහිදී ද හිටපු සභාපති මෙන්ම විපක්‌ෂ නායක (එ.ජා.ප) බී.ආරියවංශ මහතා සභාපතිවරයාට බහුතරයක්‌ සභාව තුළ නොමැති බවත් එබැවින් බෙදීමක්‌ වුවමනා බවත් ඒ අනුව රහස්‌ ඡන්දයක්‌ පවත්වා සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් විමසීමක්‌ කළ යුතු බවද ප්‍රකාශ කළේය.

මෙහිදී සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්‌ නොමැති බව පවසමින් සභාපති ටී.රූපසිංහ මහතා විසින් සභාව පවත්වාගෙන යන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka