gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ සේවයෙන් ඉවත්ව යති

ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගමේ සේවයේ යෙදී සිටින ගුවන් නියමුවන් සමාගම හැර යමින් සිටින බවට සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමට ගුවන් නියමුවන් හිඟයක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ.
විශේෂයෙන් සමාගමේ සිටි පළපුරුදු ගුවන් නියමුවන් කිහිප දෙනකුම මේ වනවිට සේවයෙන් ඉවත්ව වෙනත් සමාගම්වල සේවය සඳහා එක්ව ඇති බවද සඳහන්ය.
රජය විසින් පනවන ලද උපයන විට බද්ධ හේතුවෙන් මෙම නියමුවන්ට සියයට විසි පහක පමණ බද්දක් සිය වැටුපෙන් ගෙවීමට සිදුවීම මෙන්ම දැනට ගුවන් සමාගමේ පවතින අස්ථාවර බව මේ තත්ත්වයට හේතුවී ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ගුවන් නියමුවකුට අතිකාල දීමනා හිමි නොවන අතර මසකට හිමි පියාසර පැය ගණන 100 කි.
මේ ආකාරයට ශ්‍රී ලංකන් සමාගමෙන් ඉවත් වන ගුවන් නියමුවන් විදේශීය ගුවන් සමාගම්වල සේවය සඳහා එක්වන බවද එම ආරංචි මාර්ග පැවැසීය.

එහෙත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවැසුවේ එවැනි අර්බුදයක් ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම තුළ නොමැති බවයි.

නයනකේෂී විජේකෝන්
-ලක්බිම



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka