gossip lanka

කොණ්ඩෙ 'කලර්' කරන ඩයි පිළිකාවලට හේතුවක්ලු !

කෘත්‍රිම වර්ණක යොදා හිසකෙස් වර්ණ ගැන්වීම පිළිකා සහ තවත් රෝග ගණනාවක් ඇති කිරීමට සහ වර්ධනය කිරීමට හේතුවන බව පරීක්ෂණයකින් අනාවරණය වෙයි.

මිනිස් හිසකෙස් වර්ණකයන්ට අදාළ වූ ජාන පිළිබඳව සිදු කරන පරීක්ෂණවලදී එම කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

මිනිස් හිසකෙස් වර්ධනයට, වර්ණ වීමට ඒ ඒ
පුද්ගලයන් හට ස්වාභාවික ලෙස බලපානු ලබන ජාන එකසිය විසි හතරක් හඳුනා ගැනීමටද විද්‍යාඥයන් සමත්වී ඇත.

කෘත්‍රිම වර්ණක යෙදීමට අමතරව විවිධ සාධකයන් මත එම මිනිස් ජාන වෙනස් වීම පිළිකා ඇති වීමට බලපාන බවද එම පිළිකා අතර මෙලනොමා හමෙහි පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සහ බඩවැලෙහි පිළිකා ප්‍රධාන ස්ථානයක් ගන්නා බවද එම පරීක්ෂණයෙන් සොයාගෙන තිබේ.

එක්සත් රාජධානියේ ලන්ඩන් කිංග්ස් ලීඩ්ස් සහ නෙදර්ලන්තයේ එරස්මස් එම්.සී. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ විශේෂඥ පර්යේෂකයන් පිරිසක් එක්ව සිදුකර ඇති එම පරීක්ෂණය සඳහා පුද්ගලයන් තුන්ලක්ෂයකගේ ජාන පරීක්ෂාවට ලක් කර ඇත.

ජාන විනාශයට ලක් වීම:

කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු වර්ණක හිසකෙස් මතට යෙදීමෙන් එයට අදාළ ජාන තවත් විනාශයට ලක් වීම තුළ එම ප්‍රදේශයන්හි හට ගන්නා ආබාධ වර්ධනය වී ඉහත සඳහන් පිළිකා ඇති වන ප්‍රදේශයන්ට බලපෑම් එල්ල කරන බවද පර්යේෂකයන් පෙන්වා දෙයි.

හිසකෙස් වර්ධනයට, වර්ණ වීමට බලපානු ලබන ජාන හඳුනා ගැනීම සඳහා තවත් ලක්ෂ පහකට අධික පිරිසක් තම හිසකෙස් සහ අදාළ කොටස් ලබාදී ඇති බවත් එය ලොව විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂිතව තැන්පත් කර ඇති බවත් ඒ තුළින් කලාපයෙන් කලාපයට මිනිස් හිසකෙස්හි වර්ණ වෙනස්වීම, අඩු වයසින් හිසකෙස් අවපැහැ ගැන්වීම සහ හිසකෙස් හැලීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමටත් කෘත්‍රිම වර්ණක භාවිත නොකර ඒ ඒ පුද්ගලයන්ට අදාළ ස්වාභාවික ජානයන්ට ඔරොත්තු දෙන ඔෟෂධ නිෂ්පාදනය සඳහා පරීක්ෂණ පැවැත්වීමට උපකාරී වන බව ලන්ඩන් කිංග්ස් ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂක ටීම් ස්පෙක්ටර් ප්‍රකාශ කරයි.

සොයා ගන්නා ලද නව ජාන සහ ඉදිරියේදී හිසකෙස් පිළිබඳ ජාන සම්බන්ධයෙන් සොයා ගැනීමට නියමිත දත්ත හඳුනානොගත් අපරාධකරුවන් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ඍජු ලෙසම උපකාරී කරගත හැකි බව එරස්මස් එම්.සී. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය හා පර්යේෂක මැන්ෆ්‍රෙඩ් කෙයිසර් පෙන්වා දෙයි.

(මව්බිම)

gossip lanka