gossip lanka

ලංකාවේ පළමු ගෝල්ඩ් ගෝස්ට් රිදී පදක්කම ඉන්දිකගෙන්

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු රිදී පදක්කම හිමිකරදීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික සී. දිසානායක අද (06) සමත් විය.

ඒ, පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් තරග කිරීමෙන් අනතුරුවයි.

මෙම තරගයේ රන් හා ලෝකඩ පදක්කම් පිළිවෙලින්
වේල්ස් රාජ්‍යයට හා ඉන්දියාවට හිමිවිය.

ඊයේ දිනයේදී බර ඉසිලීමේ තරග ඉසව් වලින් ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට ලබාදීමට දිනූෂා ගෝමස් හා චතුරංග ලක්මාල් සමත් විය.


gossip lanka