gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හලාවත ප්‍රා.සභාවේ කොඩි ගැටුමක්

හලාවත ප්‍රාදේශීය සභාවේ නව සභාපති වරයා වැඩ භාර ගැනීම ඊයේ (05) පැවති අතර  එහිදී  සභාපතිවරුන් දෙදෙනෙකු වැඩ භාර ගැනීමට පැමිණීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

හලාවත ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති අතර ඒ අනුව එහි සභාපතිවරයා හා උප සභාපතිවරයා නම් කිරීමේ
අවස්ථාව පක්ෂයට හිමි විණි.

ඒ අනුව සභාපතිවරයා ලෙස සරත් ද සිල්වා  මහතා හා උප සභාපති ලෙස එරික් සැම්සන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන ලදී .

ඊයේ සුබ මොහොතින් මේ දෙදෙනා වැඩ භාර ගැනීමට පැමිණී අතර ඊට පෙර හලාවත ප්‍රාදේශීය සභාවේ වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත්  සුනිල් පාරිස් මහතා හා දෙවෙනියට වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් ජනිත දේවප්‍රිය මහතා ජනතාවක් සමඟ පැමිණ පොල් තෙල් පහන්දල්වා, ජාතික කොඩියද ඔසවා ඉන් අනතුරුව සභාපති අසුනේ අසුන් ගනිමින් වැඩ භාර ගෙන ඇත.

මේ සියල්ල නිමවීමෙන් පසු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කල සභාපතිවරයා හා උප සභාපති වරයා පැමිණි අතර ගැටුම්කාරී තත්ත්වයක් හට ගැනීමට ගිය අතර පොලිසිය මැදිහත්ව එම  තත්ත්වය  පාලනය කර ඇත.

මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර පොලිස් බල ඇණි කැවීමටද මාදම්පේ පොලිස් ස්ථානාධිපති වරයා පියවර ගෙන ඇත.

මෙහිදී සියලු චාරිත්‍ර වාරිත්‍ර නැවත සිදුකිරීමට පත් කල සභාපතිවරයා කටයුතු කළ අතර  ඔසවා තිබු ජාතික කොඩිය නැවත පහලට ගෙන නැවත ඔසවා දැමීමටද පියවර ගෙන ඇත.

උත්සව සභාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවතී අතර  එම කාලය පුරා  විරෝධය පල කිරීමට  මුලින් පැමිණි නිලනොවන සභාපතිවරයා ඇතුළු පිරිස පියවර ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka