gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රත්‍රන් බද්ද මේ නිසා ද ?

රත්‍රන් සදහා ලබා දී තිබෙන බදු සහන නිසා ශ්‍රී ලංකාව ජාවරම් කරුවන්ගේ තිත්පොලක් බවට පත්ව ඇති බව රේගු බුද්ධි සේවා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තීරු බදු රහිතව ගෙවුණු කාලයේදී රත්‍රන් ආනයනය කර ඇතත් එමගින්  කෙරෙන නිෂ්පාදන වල හෝ  ස්වර්ණාභරණ ලෙස  අපනයනය කිරිමේ වර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ.

රේගුවේ බුද්ධි සේවා ආරංචි මාර්ග අනුව 2016
වසරේදී මෙරටට රත්‍රන් කිලෝග්‍රෑම් 9,148ක් ද 2017දී 15,757ක් ආනයනය කර තිබේ.

2018 ජනවාරි මාසයේදී කිලෝග්‍රෑම් 2,558ක්, පෙරවාරි මාසයේ 2,571ක් මාර්තු මාසයේ 3,231ක් වශයෙන් මාස තුනට කිලෝග්‍රෑම් 8,360ක් ආණයනය කර ඇත.

කෙසේවුවද, ස්වර්ණාභරණ නිෂ්පාදනය කර නැවත අපනයනය කිරීමක් හෝ දේශීය වෙළදපොළේ රන් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් ඉන් සිදුව නොමැත.

මෙම තීරුබදු සහනය උපයෝගී කර ගෙන ආනයනය කරනු ලබන රත්‍රන් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට හොර රහසේ යවන බවට බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka