gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප මන්ත්‍රී ආබාධිත සෙබළාට අතින් පයින් ගුටි අනී.. ගහපු හේතුව පොලිසියේදී හෙළිවෙයි…

විශ්‍රාමික හමුදා භටයකුට පහර දුන්නේ යෑයි කියන සිද්ධියකට සම්බන්ධ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින එ.ජා.ප මන්ත්‍රීවරයකු 31දා පස්‌වරුවේ සැකපිට ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ යකල්ල කරුවලගස්‌වැව පදිංචි ශාන්ත සුමනසිංහ 42 නමැති විශ්‍රාමික ආබාධිත හමුදා භටයකු වන දෙදරු පියෙකි.

ඔහු මේ වන විට අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ 14 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි.

පසුගිය 30 වැනි දින සවස 3.30 ට පමණ තමාගේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී යකල්ල ගල්කුලම හන්දියේදී යතුරුපැදියක්‌ මග හරස්‌කොට තමාගේ වාහනය නවතා කැබ් රථයේ අලවා තිබූ මහින්ද මහතාගේ ඡායාරූපය ඉරා විසිකර තමනට අතින් පයින් පහර දුන් බව පහර කෑමට ලක්‌වූ මෙම ආබාධිත හමුදා භටයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ගලෙන්බිඳුනුවැව පොලිස්‌ ස්‌ථානාධිපති සුජීව කුමාර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරී කණ්‌ඩායමක්‌ පහර දුන්නේ යෑයි කියන ශාන්ත බණ්‌ඩාර නමැති එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා 31දා අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකාර මන්ත්‍රීවරයා පෙරේදා 01 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka