gossip lanka

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි පාතාල කල්ලි සාමාජික ‘සරා මල්ලි’කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලි’ නමින් මොහු හඳුන්වා ඇති බවටයි වාර්තා වන්නේ.

ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ රැදී
සිටි අවස්ථාවේදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

gossip lanka