gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක
අබේසිංහ විසින් විවාදය ආරම්භ කරමින් මෙම පැහැදිළි කිරීම් සිදු කළා.

"වැරදි 33 සඳහා නව දඬ අයකිරීම නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කළ කමිටුවේ නිර්දේශ අනුව දඬ මුදල් 33ක් හඳුන්වා දීමට කටයුතු කළා. බලාපොරොත්තු වන්නේ විනයගරුක රියදුරන් බිහිකිරීමටයි.  ජනතාවගේ ජීවිත ආරක්ෂ කිරීමටයි. ඒ අනුව ස්ථානීය දඬය රුපියල් 500 සිට 3,000සක උපරිමයකට දඬ මුදල නියම කෙරෙනවා. මෝටර් වාහන පනත යටතේ නියෝග යටතේ ත්‍රීවීල් රථය වෙනුවට රෝද හතරේ නව රථයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන අතර එය රථවාහන නීතියට ඇතුළත් කිරීමට මෙමඟින් සිදු කෙරෙනවා. එමෙන්ම මෙම නව රථය අධිවේගී මාර්ගවලට ඇතුල් කිරීම වළක්වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka