gossip lanka

විශ්වාසභංගයේ ජය සමරන්න ගිය තුන්දෙනෙකුට සිදුවුන දේ..!

විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමත් සමඟ රට වටා සිටින බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයින් එහි ප්‍රීතිය සැමරුවා. කොළඹ නගරයේද පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව ඊයේ (04) රාත්‍රියේ එම සතුට සැමරුවේ රතිඤ්ඤා සහ මල්වෙඩි දල්වමින්.

කෙසේ වෙතත් මෙලෙස විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමඟ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභිකයකුගේ ආධාරකරුවන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් විනෝද
වෙමින් සිටින අතරතුර ඇතිවූ  ගැටුමක් හේතුකරගෙන එක්සත් ජාතික පාක්ෂිකයින් තිදෙනෙකු කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්  සහ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අතර මෙම ගැටුම ඇති වී තිබෙනවා.

මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේදී ඇති වූ මෙම ගැටුමෙන් මෝටර් රථයකට සහ යතුරු පැදියකට හානි සිදුවී තිබෙන බව සඳහන්.



gossip lanka