gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලි සැර වැදී අඹුසැමි යුවල මරුට - පුතා රෝහලේ

දඹුල්ල පන්නම්පිටිය කිරලැස්ස ප්‍රදේශයේ  අඹු සැමි යුවලක් ඊයේ (02 දා ) සවස කෙක්කක් ආධාරයෙන් පොල් කැඩීමට යාමේදී විදුලි සැර වැදී මිය ගොස් ඇති බව දඹුල්ල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අක්කර 50 කිරලැස්ස ලෙනදොර නිවසේ පදිංචිව සිටි විතාරණ ගෙදර පතිරණ (57)   හා බොකලවෙල ගෙදර කාන්තිලතා
(53) යන අඹුසැමි යුවල වේ.

සිද්ධියේදී මිය ගිය සැමියා නිවස පිටුපස තිබූ පොල් ගසකින් පොල් කඩා ඇති අතර   අසල නිවසක පුද්ගලයකු පොල් කඩමින් සිටි පුද්ගලයා  බිම වැටි සිටිනවා දැක තිබේ.

ඔහුගේ දැනුම්දීමට අනුව එතැනට පැමිණි  මියගිය පුද්ගලයාගේ බිරිඳ ඔහුව බේරා ගැනීමට යාමේදී ඇයටද විදුලි සැර වැදී තිබේ. පසුව එහි පැමිණ 22 හැවිරිදි ප්‍රමොද් මධුෂාන්ත නම් ඔවුන්ගේ පුතාටද සිය මව සහ පියා බේරා ගැනීමට යාමේදී විදුලි සැර වැදී තිබේ. අසල්වාසීන් එක්ව  තිදෙනාම රොහල් ගත කිරිමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් පියා හා මව මිය ගොස් සිට ඇති බව දඹුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මොවුන් මිය ගොස් ඇත්තේ පොල් කඩමින් සිටි  කෙක්ක විදුලි රැහැනේ පැටලී විදුලි සැර වැදීම නිසා යැයි පොලිසිය සැක කරයි.

විදුලි සැර වැදුණු ප්‍රමොද් මධුෂාන්ත මේ වන විට  දඹුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මියගිය අයගේ සිරුරු දඹුල්ල රොහලේ තැන්පත් කර ඇත. සිද්ධිය පිළිබඳව දඹුල්ල  පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ සිදු කරයි.

මහින්ද උදයසිරි රත්නායක - දඹුල්ල  වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka