gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජිතගෙන් ප්ලේන් සිගරට් පැකට්ටුවක්

දුම් පානය අවම කිරීම සඳහා ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීම සහ තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීමේ නියෝග ඇතුළත් අමාත්‍ය මණ්ඩල  සංදේශය ඉදිරියේ දී ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්වල පෝෂණ වෛද්‍ය ඒකක
ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහනට ඊයේ (02) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රථම පෝෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කළ අතර එය ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අඳහස් දැක්වු අමාත්‍යවරයා,

“කොළඹ ජාතික රෝහලේ ප්‍රථම පෝෂණ වෛද්‍ය ඒකකය විවෘත කිරීම ඉතා වැදගත්. මෙම රෝහලේ කාර්ය මණ්ඩලය 8000 ක් පමණ සිටිනවා. රෝගීන් 4000 ක් පමණ දෛනිකව ප්‍රතිකාර ලබනවා. මෙම පිරිසගේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. බෝවන රෝග පාලනය කර ඇති ශ්‍රී ලංකාවට බෝනොවන රෝග අභියෝගයක් වී තිබෙනවා. එය මුළු ලෝකයටම අභියෝගයක්. පෝෂණ වැඩපිළිවෙල තුලින් ජනතාවට හිතකර සහ අහිතකර කෑමවර්ග පිළිබඳ දැනුවත් කළ යුතුයි. පෝෂ්‍යදායි ආහාර වේලක ගුණ අගුණ කියා දිය යුතුයි. අහිතකර කෑම වර්ග භාවිතයෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කළ යුතුයි. පෝෂණ වැඩපිළිවෙලක් අපේ රටට අවශ්‍ය වන්නේ එම නිසයි. දැනට පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සුලු සංඛ්‍යාවක් සිටියත් එම පිරිස 100 දක්වාවත් වැඩි විය යුකුයි. පෝෂණවේදීන් 500 ක් පමණ සිටිනවා. ගම් මට්ටමින් අධ්‍යාපන දැනුම ලබාදීමට නම් එම පිරිස තවත් වැඩි විය යුතුයි. බෝනොවන රෝගවලින් ජනතාව බේරා ගැනීමට රජයක් ලෙස කටයුතු කරනවා" යැයි පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කුමාර වික්‍රමසිංහ, පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් වන රේණුකා ජයතිස්ස මහත්මිය සහ නලීන් ද හේරත් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka