gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු පුහුණුකරු නික් පොතාස් යන්නම යයි - ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්වන අලුත්ම පුහුණුකරු මුෂ්තාක් අහමඩ් ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එම තනතුරෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

2016 වසරේ අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වූ පෝතාස් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ
ඉල්ලා අස්වීමෙන් පසුව 2017 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය.

කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමත් සමඟ පෝතාස්ට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වගකීම පැවැරුණු අතර, ඔහුගේ සේවා කාලය මෙම වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ තමන්ට සහාය පුහුණුකරු තනතුර ලබා දෙන මෙන් මෙයට පෙර ක්‍රිකට් ආයතනයෙන් ඔහු ඉල්ලීම් කළද ක්‍රිකට් ආයතනය එයට අනුකූලතාව දක්වා නොමැති බවද දැනගන්නට ඇත.

මේ වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කිරීමෙන් අනතුරුව නිවාඩු ලබා සිය රට බලා ගිය පෝතාස් මේ වන තෙක් පැමිණ නැති අතර, ක්‍රිකට් ආයතනය සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පෝතාස් පසුගිය 14දා මෙම තීරණය ගෙන ඇති බවද පැවැසේ.

මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට මෙන්ම දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සදහාද ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත.

ඒ අනුව දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් වී ඇති විදෙස් ක්‍රීඩකයන් අතර පාකිස්තානු කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නකු වන මුෂ්තාක් අහමඩ් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩි අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka