gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අන්තර්ජාල මුදල් අවදානමේ.. අපේ වගකීමක් නෑ..- මහ බැංකු නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) පිළිබඳ ව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත.

ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලික ව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා
පොදු උදාහරණ වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin) සහ එතීරියම් (Ethereum) වැනි අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ය. මෙම අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් කරන ලද මුදල් නො වේ.

අප්‍රකාශිත විද්‍යුත් මුදල් වැනි අතථ්‍ය මුදල්, ගනුදෙනු බලාත්මක කිරීම සඳහා පුද්ගලයන් ඝෘජු ව සම්බන්ධ වී විමධ්‍යගත ලෙස සේවා සැපයිය හැකි වන අයුරින් ඩිජිටල් ජාල භාවිත කරයි. එම මුදල්වල වටිනාකම පිළිබඳ ව සහතික කිරීමට සහ එම ගනුදෙනු නියාමනය කිරීමට මහ බැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැති වීම හේතුවෙන් ඒවා භාවිතා කරන්නන් අතර හෝ ගනුදෙනු ආශ්‍රිත ගැටලු ඇති වීමේ දී ඒ සඳහා මැදිහත් වන වගකිව යුතු පාර්ශ්වයක් නොමැත.

අතථ්‍ය මුදල්වල වටිනාකම තීරණය වනුයේ සමපේක්ෂණ මත වන අතර එයට පාදක වූ වත්කම් හෝ ඒ සඳහා බලපවත්වන නියාමන රාමුවක් නොමැත. මේ නිසා ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය විය හැක. ඒ හා සමාන ව ම, නීතිවිරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාව ද ඉහළ යා හැකි ය.

තව ද, අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති උල්ලංඝනය වීමට ද අවකාශ ඇත. එම නිසා, වර්තමානයේ දී අප්‍රකාශිත විද්‍යුත් මුදල් භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද මූල්‍යමය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව යන අංශවලින් සැලකිය යුතු අවදානමක් ඇති කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ ව ක්‍රියාමාර්ග ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් (Initial Coin Offerings- ICOs) සඳහා බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

– biz.adaderana.lk


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka