gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෙජිනෝල්ඩ් යලි උපදී..

තම ජීවිතයේ නැවත උපන් දිනයක් ලෙස කල්පනා වෙන්නේ යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

නැවත වතාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් පසු යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙදේ කීවේය.

‘අද දිනය මගේ ජීවිතයේ නැවත උපන් දිනයක් ලෙස
කල්පනා වෙනවා.මම එක දවසක් ඇතුලත මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස 12වෙනිදා දිවුරුම් දුන්නා.පය 24ක් ගත වීමට ප්‍රථම නැවත මා ජනපතිතුමන් විසින් මේ ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලැබුවා.

මා විසින් ආරම්භ කරන ලද මහජන සේවාවන්,විශේෂයෙන්ම මහජනතාවට සමානාත්මතාවය,සුහදත්වය,ලෙන්ගතුකම,ආදරය,මිත්‍රත්වය ගොඩ නැගීමට මා ආරම්භ කල ව්‍යාපාරය අතරමග නතර කර දමා මට ආපසු යාමට වී යයි මගේ හදවතේ වේදනාවක් තිබුනා.නමුත් මම දැන් හරිම සන්තෝෂ වෙනවා එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකිවීම පිලිබදව.

මම දකුණින් පැමිණි සිංහල මනුෂ්‍යයෙකු වෙලත් ඔබතුමන්ලා මට දැක්වූ මනුෂ්‍යත්වයේ සුවද මම කවදාවත් අමතක කරන්නේ නෑ.එපමණක් නොව මින් පසු මේ ප්‍රදේශයට පසුගිය අවුරුදු 02ටත් වඩා වැඩි උත්සාහයකින් සේවය කිරීමට මම ඇපකැප වෙනවා.

උතුරේ ජීවත්වන සියලුම ආගම්වල ජනයා සමග එකමුතුකමින් වැඩ කටයුතු කිරීමට මම මාගේ පුර්ණ සහයෝගය ලබා දෙනව’

– උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka