gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගැටුම් ප්‍රතිශතය 100%කින් ඉහලට

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී කළකෝලාහල නිසා සිදු වූ අනතුරු සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්‍ෂව 100%කින් ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා කියයි.
මාර්ග අනතුරුවලින් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 20% කින් ඉහළ ගොස් ඇති බව ඒ මහතා කියා සිටියේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර
වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

” පසුගිය දින දෙක ඇතුළත ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත රෝගීන් 379 දෙනෙක් අප වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණියා …එයින් 170 දෙදෙනෙකු අප වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන තියනවා..මෙම සංඛ්‍යාව පසුගිය වසර හා සංසන්දනය කරහොත් එහෙම යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා…කැපී පෙනෙන දෙයක් තමයි මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාව 20%කින් විතර ඉහළ ගිහින් තියනවා..රෝගීන් 121 දෙනෙක් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරගෙන තියනවා…පසුගිය වසරට සාපේක්ෂව නිවස තුළ සිදුවන අනතුරු සංඛ්‍යාව පහළ ගිහින් තියනවා.. නමුත් වැටීම් නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියනවා..ගිය වසරට වඩා 30% ඉහළ යාමක් පෙන්නුම් කරනවා වැටීම් …ඒ අනුව රෝගීන් 112 දෙනෙක් අපි හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරගෙන තියනවා..වැදගත් කාරණයක් ලෙස කියන්න පුළුවන් වෙනවා කළකෝලහාල නිසා ඇතිවෙලා තියන තත්වයන් පසුගිය වසරට සාපේක්ෂව 100% ඉහළ යාමක් පෙන්නුම් කරනවා..56 දෙනෙක් වි විධ කලකෝලාහාලවලට මැදි වෙලා තුවාල ලබා රෝහල වෙත ඇතුළත් වෙලා තිබෙනවා…”

ඊයේ පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 140 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

අපරික්‍ෂාකාරී හා අනතුරුදායක ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් විසි දෙදෙනෙකුට නඩු පවරනු ලැබීය.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අධික වේගයෙන් රිය ධාවනය කළ රියදුරන් 166 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka