gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සූර්වූ සභාපති පොලිසියට ඇන රෝහලේ

පොලොන්නරුව  තමන්කඩුව  ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  බීමතින්   සිට  පෙරේදා(09දා) පස්වරුවේ  කදුරුවෙළ නගරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකුට රාජකාරියට බධා කර ඇත.

එහිදී  ඔවුන් සතු අවි ද පැහැරගෙන එම නිලධාරින් දෙදෙනාට පහරදීම හෙතුවෙන් සභාපතිවරයා ඇතුළු 
දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන්  තමන්කඩුව ප‍්‍රාදේශිය සභාවට තරඟ වැදි ඉකුත් දා සභාපතිවරයා ලෙස පත්වූ පේ‍්‍රමසිරි මුණසිංහ යන අයත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුත්ය.

මෙම සභාපතිවරයාගේ කැබ් රථය කදුරුවෙළ නගරයේ ප‍්‍රධාන මාර්ගය අවහිරවන ලෙස නවතා තැබිම හෙතුවෙන් මාර්ගය අවහිර වීම නිසා එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් කැබ් රථය මාර්ගයෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලිමක් කර ඇත. එම ඉල්ලීමත් සමඟ කෝප වූ සභාපතිවරයා ඇතුළු පිරිස කැබ් රථයෙන් බැස  මහ ජනතාව ඉදිරියේ පොලිස් නිධාරින්ගේ අවි පැහැරගෙන අමානුෂික ලෙස පහර දී ඇත.

ඒ අවස්ථාවේදී ජනතාව එය පොලිසියට දැනුම් දීමත් සමග පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සභාපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය  ඇසින් දුටුවන් පවසා සිටින්නේ පොලිස් නිලධාරින්ට සභාපතිවරයා  සහ ඔහුගේ ගෝලයින්  විසින් අමානුෂික ලෙස පහර දුන් බවයි.

කෙසේ නමුත්  මේවන විට සභාපතිවරයා ඇතුළු දෙදෙනා පොලිස් අත්අඩංගුව පිට නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත්  පහර කෑමැට ලක් වූ  පොලිස් නිලධාරින් දෙදෙනාද පොලොන්නරුව රෝහලේ  නේවාසිකව ප‍්‍රතිකාර ලබන  අතර මෙම සැකකරුවන් (10 දා) දින පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කළ බව  පොලොන්නරුව පොලිසිය පවසයි.

කෙසේ නමුත් උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති  නිතිඥ එල් . පි  සෙනරත් සදුන්ගහවත්ත මහතාගේ නියෝග පරිදි  පොලොන්නරුව කොඨිඨාශය භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදේස් පරිදි  විශේෂ පොලිස් කාණ්ඩායමක්  පර්ක්ෂණ පවත්වයි.


ඩබ්ලිව් ඒ පියතිලක - හිඟුරක්ගොඩ




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka