gossip lanka

ආබාධ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් යළි අර්බුදයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර  ආබාධයකට ලක්වී තිඛෙනවා. මේ හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය මෙන්ම මේ දිනවල පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලියද ඔහුට අහිමි වනු ඇති. රාජස්ථාන් රෝයල් කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියේදී දුෂ්මන්ත චමීර මිළදී ගත්තේ ඉන්දීය රුපියල් ලක‍ෂ 50 කටයි. ආබාධ තත්ත්වය හේතුවෙන් සති 3 කට වඩා වැඩි
කාලයක් ඔහුට ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප් සහ ශෙහාන් මධුශංකද මේ වනවිට ආබාධයට ලක්ව සිටිනවා. ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, සුරංග ලක්මාල් හා කුසල් ජනිත් ආබාධ හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන පළාත් ක්‍රිකට් තරගාවලියට මෙතෙක් ක්‍රීඩා කර නැහැ.

මේ හේතුවෙන් එළඹෙන කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී ගැටළුවක් පැන නගිනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් මත පල කරන්නේ.


gossip lanka