gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්තනගල්ලේ සංගීත ප්‍රසංගය මරණයකින් අවසන් වෙයි

නිට්ටඹුව, අත්තනගල්ල විහාරස්ථානය අසළ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අවුරුදු උත්සවයකින් අනතුරුව ඊයේ (21) රාත්‍රියේ පැවැති සංගීත සන්දර්ශනයක් අතරතුරදී නාදුනන පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව නිට්ටඹුව පොලීසිය ප්‍රකාශ කළේය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙක්.

ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර සංගීත සන්දර්ශනය ආරම්භයේ පොල් තෙල් පහන දැල්වීමට එක් වූ අයෙකු බව වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසනවා.

වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka