gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැංකු වත්කම ට්‍රිලියන 10 පන්නලා !

ශ්‍රී ලංකාවේ බැංකු සමඟ ගනුදෙනු කිරීමේදී දැඩි විශ්වසනීයත්වයක් හා ආරක්ෂාවක් පැවතීම සහතික බව සනාථ කරමින්, වසර 2017දී බැංකු අංශයේ වත්කම් රුපියල් ට්‍රිලියන 10 ඉක්මවා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රුපියල් ට්‍රිලියන 10කට වඩා බැංකුවල වත්කම් ඉහළ යෑම තුළ සමස්ත බැංකු පද්ධතියම ශක්තිමත් වන බව ද මහ බැංකුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන
දෙපාර්තමේන්තුව විසින් බැංකු හරහා ප්‍රතිමූල්‍ය හා පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 15ක් ක්‍රියාත්මක කොට ඇතැයි ද මහ බැංකුව කියයි.

ඒ ණය යෝජනා ක්‍රම මඟින් රුපියල් මිලියන 19251ක ණය ප්‍රමාණයක් රට පුරා ප්‍රතිලාභීන් 126742ක් අතරේ මුදාහැර ඇතැයිද මහ බැංකුවේ 2017 වාර්තාවේ දැක්වේ.

මීට අමතරවද රටේ බැංකු පද්ධතිය විසින් කෘෂිකර්ම කර්මාන්ත හා සේවා අංශ සඳහා ණය මුදල් විශාල ප්‍රමාණයක් ලබාදී ඇත.

වසර 2016දී සීයයට 12%ක වත්කම් වැඩි වීමක් සිදු වූ අතර, එය අබිබවා යමින් 2017දී 13.8%ක වාර්ෂික වර්ධනයක් අත් කරගෙන ඇතැයි 2017 මහ බැංකු වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ බැංකු අංශය බලපත්‍රලාභි වාණිජ බැංකු 25කින් සමන්විත වේ‍.

එය විදේශීය බැංකු ශාඛා 12කින් හා දේශීය බැංකු 13කින් යුක්තය‍. ඒ අතුරින් 07ක් බලපත්‍රලාභි විශේෂිත බැංකු වේ.

වසර 2016දී රටේ ගනුදෙනුකාර භවතුන්ට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) 3851ක් මඟින් ගනුදෙනු කිරීමේ පහසුකම් හිමි වූ අතර, වසර 2017 නිමා වන විට එය යන්ත්‍ර 4416ක් දක්වා වැඩි වී ඇතැයිද මහ බැංකුව අනාවරණය කරයි.

බැංකු අංශයේ වත්කම් වැඩි වීමට ණය හා අත්තිකාරකම්වල වර්ධනය බලපා ඇති අතර, එය මුළු වත්කම්වලින් 62.5%ක අගයක් ගන්නා බවද මහ බැංකුව පවසයි.

(සිළුමිණ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka