gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංග තේරීම් කමිටුවේ පටි රෝල්කරයි !

ඉන්දියාව, බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙන් තෝරනු ලැබූ සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර, ඒ සඳහා ද සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්කර නොතිබීම පිළිබඳ ක්‍රිකට් විචාරකයින් අතර තතාබහට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් මාලිංග විසින් මාධ්‍ය වෙත සිය අදහස් පළ කර තිබුනේ මෙලෙසිනි :

“මට පුදුම විසි-පුද්ගල සංචිතයකට තේරීමටවත් මං
හොඳ මදි වුනේ කොහොමද කියලා… තේරීම් සිදුකරන කාලයේදී පැවැත්වුනු පන්දුවාර විස්සයි 20 තරගාවලියේදී වැඩිම කඩුලු ලබාගත් දෙවනියා මමයි… පන්දුවාර 50 තරග වලට තෝරපු නැති එක ගැන මට තේරුම් ගන්න පුළුවන්… ඒත් විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්න තියෙන්නෙ පන්දුවාර 4ක් හා පන්දුරකින්න තියෙන්නෙ පන්දුවාර 20ක් විතරයි. මේක කරන්න පුළුවන් කියලා මං දිගින් දිගටම ඔප්පු කරලා ඉවරයි… තේරීම් කමිටුවට මේක තේරුම්කරවන්න මං තව මොනවාද කරන්න ඕන කියන එක මට තේරෙන්නෑ…,” යැයි මාලිංග සඳහන් කරයි.

“අලුත් තේරීම් කමිටුව පත්වුනාට පස්සේ මං රට වෙනුවෙන් එක තරගයකට ක්‍රීඩා කරලා නෑ. මට අවස්ථාවක් දෙන්නැතුව මං හොඳද නරකද කියලා තීරණය කරන්නෙ කොහොමද? මගේ ක්‍රීඩා හැකියාව මනින්න එයාලා යොදාගන්න මිනුම් දණ්ඩ මොකක්ද? මට තව අවුරුදු දෙකක් වත් ක්‍රිකට් ගහන්න පුළුවන්. දැන් මාව මුම්බායි ඉන්ඩියන්ස් පිලේ පන්දුයවන උපදේශකයෙකු ලෙස එක්කරගෙන තියෙනවා. ඒ ගැන මට ආඩම්බරයි,” ඔහු වැඩිදරටත් පවසා තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka