gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික පාසල්වලට මැනේජර් කෙනෙක්

ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිපිරිසක් සිටින ජාතික පාසල් සඳහා පාසල් කළමනාකාරවරයෙකු පත්කිරීමට යෝජනාවක් අධ්‍යාපනඥයන් සහ විදුහපතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇත.

ජාතික පාසල් පරිපාලන කටයුතුවල පවතින අධික තදබදයට පිළියමක් ලෙස මෙලෙස කළමනාකාරවරයකු පත්කරන ලෙසත්, එවිට
පාසලේ විදුහල්පතිවරයාගේ වගකීම් ලිහිල් කිරීමක් සිදුකළ හැකි බවත් එහිදී ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාල තුළ පවතින ලේඛකාධිකාරී තනතුරට සමාන තනතුරක් හෝ පරිපාලන නිලධාරී ලෙස මෙම තනතුර පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජාතික පාසල් තුළ විදුහල්පතිවරුන්ට රාජකාරි බහුලවී ඇති බවත්, ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිවනවිට එම කටයුතු තවත් කාර්යබහුල වන බැවින් විදුහල්පතිවරුන් පීඩාවට පත්වන බවත් අධ්‍යාපනඥයන් විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව ළමයින් සහ කාර්යමණ්ඩලයේ පරිපාලන කටයුතු, ළමයින් ඇතුළත් කරගැනීමේ කටයුතු, පාසලේ උත්සව සංවිධානයකිරීමේ කටයුතු ආදී වගකීම් මෙම පරිපාලන නිලධාරියාට පැවරීමට ඇති හැකියාව පිළිබඳවද සොයාබලන බව මේපිළිබඳ විමසීමේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka