gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සභාවලට කාන්තාවන් 25% පත් නොකළත් කොමිසම මක්කොරන්ද ?

පළාත් පාලන ආයතනවල සභික ධූර සංඛ්‍යාවෙන් කාන්තා කාන්තා නියෝජනය සඳහා 25%ක්වූ සභික සංඛ්‍යාවක් යම් පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් හෝ නම් නොකළහොත් ඊට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය වශයෙන් ගතහැකි පියවරක් නොමැති අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා කියයි.

ඊට හේතු වී ඇත්තේ කාන්තා නියෝජනය සඳහා
25% ක සභික ධූර සංඛ්‍යාවක් පත්කළ යුතු යැයි මැතිවරණ කොමිසමට ඒ ඒ දේශපාලන පක්ෂ වලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම්දිය හැකි වුවත් එසේ පත් නොකළ අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරක් මැතිවරණ කොමිෂන් පනතේ සඳහන් නොවීම නිසා බවද ඔහු කියා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වී ඇති නියෝජිතයින්ගේ නම් සඳහන් ගැසට් පත්‍රය අද (02) නිකුත් කිරීමට සැලැසුම්කර ඇති බවයි.

එම ගැසට් පත්‍රය ප්‍රකාශයෙන් පසුව පළාත් පාලන ආයතනයක 50%කට වඩා සභික ධූර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට නගරාධිපති, උප නගරාධිපති හෝ සභාපති, උප සභාපති තනතුරු සඳහා පුද්ගලයින් නම් කරන ලෙස දැනුම්දීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka