gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්ලා මරන්න වැලිකඩ සූදානම්

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට රජය අනුමැතිය ලබා දෙන්නේ නම් තම දෙපාර්තමේන්තුව ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ අංගසම්පූර්ණ එල්ලුම් ගසක් තිබෙන බවද එය ඕනෑම අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කර ඇති බවද ඒ මහතා කීය.

එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කරන බවට මීට වසර
කීපයකට ඉහතදී සමාජයේ කතාබහක් ඇති වූ බවද එම කාලවකවානුව තුළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පැවැති 'අලුගෝසු' තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනකු බඳවාගෙන සිටි බවද එහෙත් ඔවුන් දෙදෙනා පසුව සේවය අතහැර ගිය බවද ඒ මහතා පැවැසීය.

කෙසේ නමුත් එම අලුගෝසු තනතුර සඳහා බඳවාගත් පුද්ගලයන් දෙදෙනා සේවය අතහැර ගියද මරණීය දණ්ඩනය සඳහා අවශ්‍ය අනුමැතිය ලැබෙන්නේ නම් එය ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විකල්පයන් තම දෙපාර්තමේන්තුව සතුව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

- මවුබිම
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka