gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්‌ලිම් මන්ත්‍රීවරු මැතිසබේ බිම වාඩිවී විරෝධතාවේ

මුස්‌ලිම් ජනතාව ආරක්‍ෂා කරන්නැයි ඉල්ලමින් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු ආණ්‌ඩුවේ මුස්‌ලිම් මන්ත්‍රීවරුන් එකොළොස්‌ දෙනෙක්‌ ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන අතරතුරදී සභාව මැද බිම වාඩිවී විරෝධතාවක්‌ කළහ.

මහනුවර ප්‍රදේශ කිහිපයක මතුව ඇති හදිසි තත්ත්වය පිළිබඳ සභාව කල්තබන අවස්‌ථාවේ විවාදය පැවැත්වෙද්දී මෙම මන්ත්‍රීවරු මෙසේ විරෝධය පළ කළහ. මේ අවස්‌ථාවේදී කතා කරමින්
සිටියේ පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාය.

මුලසුනේ සිටියේ කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් මහතාය. ඇමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් එකොළොස්‌දෙනා මුලසුන ඉදිරිපිටට පැමිණ රතුපලස මත බිම හිඳගත්හ. මේ අවස්‌ථාවේදී කථානායක කරු ජයසූරිය මහතා මුලසුනට පැමිණියහ.

කථානායක - ඔබතුමන්ලා ආපසු ආසනවලට ගිහින් ඉඳගන්න. නැත්නම් මේ විවාදය නතර කරලා සභාව කල් තබන්න සිද්ධවෙනවා.

සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල - මේ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වනවා. හදිසි නීතිය පැනවීමට ඇමැති මණ්‌ඩලය තීරණය කළා.

- දිවයින

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka