gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්සත් ජාතීන්ගේ මහලේකම් ලංකාවට එයි

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ප‍්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මෑන් තෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (09) දිවයිනට පැමිණිමට නියමිතය.

ඔහු මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති , අගමැති ඇතුළු දේශපාලන නායකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මාධ්‍ය ප‍්‍රකාශක ස්ටෙෆන් දුජාරික්
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊයේ (06) පැවති දෛනික මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සදහන් කර තිබේ.

එමෙන්ම ඔහුගේ මෙම සංචාරයේදී මේ දිනවල ඇඳිරි නීතිය පනවා තිබෙන මහනුවර ප‍්‍රදේශයේද නිල සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මේ දිනවල ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයට පෙර දේශපාලන කටයුතු ප‍්‍රධානින්ගේ මෙම සංචාරය සැලසුම් කර තිබූ බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප‍්‍රකාශක ස්ටෙෆන් දුජාරික් සඳහන් කර තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka