gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) දින රජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර මාර්තු 08 දින ප.ව.1.30ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතය. ආදාහන පූජෝත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසළ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර ආදාහන පූජෝත්සවයේ
කටයුතු ප.ව 2.30 ට ආරම්භ වීමට නියමිත ය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ. සිය පැවැදි දිවිය සමාජ සත්කාරයටම කැප කළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ දෙස් විදෙස් සංචාරයේ යෙදෙමින් ධර්ම ප්‍රචාරයේ යෙදුණ සංඝ පීතෘවරයෙකි.
ඉංග්‍රීසි භාෂවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් උන් වහන්සේ මූලික වී කටයුතු කළේ ය.එමෙන් ම උන්වහන්සේ බෞද්ධයා ගුවන්විදුලි නාළිකාවේ හා රූපවාහිනී නාළිකාවේ නිර්මාතෘවරයා වෙමින් ධර්ම ප්‍රචාරය සඳහා සිය මෙහෙවර තවත් පුළුල් කිරීමට කටයුතු කළහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka