gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිල පාරට බැසීමේ සූදානමක

ෆේස් බුක් සමාජ ඡාලය තුළ ප්‍රකාශන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් තරුණ තරුණියන් දහස් ගණනක් සමඟ තමා ද පාරට බැසීමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඊයේ (12) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මහනුවර ඇති වු ගැටුම මේ වන විට අවසන් වී ඇති බවත්, ඒ අනුව ඇඳිරි නීතිය ද අවසන් බවත්, අනිද්දා
වන විට හදිසි නීතිය ද අවසන් වීමට නියමිත බව ද පැවසු ගම්මන්පිල මහතා, ෆේස් බුක් තහනම මෙතෙක් අවසන් වී නොමැති බව ද කියා සිටියේය.

ආණ්ඩුව මේ තුළින් දඹුළු ගොස් තලගොයි මරා ගෙන පැමිණීමට උත්සහ දරන බවත්, ජාතිවාදය වැළැක්වීමට යැයි පවසා ආණ්ඩු විරෝධයේ උල්පත වී ඇති සමාජ ඡාලා දඩයම් කිරීමේ යෙදී සිටින බවද පැවසීය.

කෙසේ වෙතත් මෙම තහනම කිසිසේත් ප්‍රායෝගික නොවන අතර තරුණ තරුණියන් හොරෙන් ෆේස් බුක් ගොස් බලන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් හොරෙන් ෆේස් බුක් පැමිණ ඇති බව ද ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වෛරය පැතිරීමට ෆේස් බුක් යොදා ගන්නවා යන පදනමින් එය තහනම් කිරීම විහිළුවක් බවත්, ලෝකයට විහිළු සැපයීම නතර කොට වහාම ෆේස් බුක් තහනම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරන බව ද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka