gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමාජ මාධ්‍ය තහනම් නිසා නීතිඥ සංවිධාන වන්දි ඉල්ලයි

සන්නිවේදන මාර්ග අවහිර කිරීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බැවින් ඉන් අපහසුතාවට පත් සියලු දෙනාට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා අද (12දා) නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මීට අමතරව වහාම සන්නිවේදන මාර්ග ලබාදෙන ලෙසටත් නැවත මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස විදුලි සන්දේශ නියාමක කොමිසමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලීමක් කළ
බවද එම සංගමයේ කැඳවුම්කරු නීතිඥ මනොජ් ගමගේ මහතා පවසා සිටියේය.

 සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සන්නිවේදන මාධ්‍ය අවහිර කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි පරිච්ඡේදයේ 14 (1) (අ) වගන්තියෙන් සුරක්ෂිත කර මෙරට පුරවැසියන්ට සහතික කර තිබෙනා භාෂණයේ නිදහසට හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට විදුලි සන්දේශ නියාමන කොමිසම බලපෑම් එල්ලකර තිබෙන බවත්, මේ නිසා සුදුසු වන්දියන් ඔවුන් ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka