gossip lanka

රටවල් 3ක ගුවන්යානා 3ක් කඩා වැටෙයි

ලෝකයේ ස්ථාන තුනක ඊයේ සිදුවූ ගුවන් අනතුරු තුනකින් 66 දෙනකු මරුමුවට පත්වූ බව වාර්තා විය.
නේපාලයේ කත්මණ්ඩු, ඉරානයේ මධ්‍යම කඳුකර ප්‍රදේශය සහ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී මෙම ගුවන් අනතුරු සිදුවිය.
මින් දරුණුතම අනතුර නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිභූවන් ගුවන්තොටුපොළේ සිදුවූ ගුවන් යානා අනතුරය.

බංග්ලාදේශයේ ඩකා නුවර සිට මගීන් 71ක් රැගෙන
පැමිණි ගුවන් යානයක් නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිභූවන් ගුවන්තොටුපොළට ගොඩ බස්වන අවස්ථාවේදී ධාවන පථයෙන් ඉවතට පැන ගිනි ගැනීමෙන් එම යානයේ සිටි 50ක් මරුමුවට පත්ව ඇත. යානයේ සිටි 71 දෙනාගෙන් 67ක් ගුවන් මගීන් වූ අතර හතර දෙනකු කාර්ය මණ්ඩලයට අයත් විය.
ගිනිගත් ගුවන් යානය අසලට ළඟා වූ ගිනි නිවන භටයන් ගින්න නිවීමට උත්සාහ ගෙන ඇති අතර ගිනිගෙන දැවෙන ගුවන් යානයේ සිටි 20 දෙනකු බේරා ගැනීමට සමත් වී ඇත. බේරාගත් අය වහාම කත්මණ්ඩු නුවර පිහිටි සිනාමංගල් රෝහල සහ කත්මණ්ඩු වෛද්‍ය පීඨය වෙත ගෙන ගොස් ඇත.

ගුවන් යානය ත්‍රිභූවන් ගුවන්තොටුපොළට බැස්ස වීමේදී පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව සඳහන් වේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඇමෙරිකානු සහ බංග්ලාදේශ එකමුතුවක් වන උඵ - ඕචදඨතච ඒඪපතඪදඥඵ නම් ගුවන් සේවයට අයත් ඉ2 - ඒට්උ වර්ගයේ ච්චඵඩ 8 ශ්‍රී 400 ගුවන් යානයයි.

කත්මණ්ඩු ගුවන්තොටුපොළේ සිදුවූ මෙම ගුවන් අනතුරට අමතරව 11 දෙනකු රැගත් තුර්කියේ පෞද්ගලික ගුවන් යානයක් ඉරානයේ සැග්රොස්  කඳුකර කලාපයේදී කඩා වැටීමෙන් එහි ගමන් ගත් 11 දෙනාම මරුමුවට පත්වූහ.
එම ගුවන් අනතුරෙන් මියගිය 11 දෙනා අතර තුර්කියේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන හුසේන් බසරාන්  ගේ දියණිය වන මීනා බසරාන්  ද සිටි බව ඉස්ලාමික් රිපබ්ලික් ප්‍රවෘත්ති ආයතනය සඳහන් කරයි.

තරුණ මීනා බසරාන් මාර්තු මස අවසානයේ විවාහ වීමට සිටි අතර ඇයගේ අවසන් අවිවාහක උත්සවය සැමරීම සඳහා අනතුරට පත්වූ ගුවන් යානයෙන් ඩුබායි කරා යද්දී මෙම අනතුරට ලක්වී ඇත.
අනතුරට පත්වන අවස්ථාවේ එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තුර්කියේ ඉස්තාන්බුල් කරා පියාසර කරමින් සිට ඇත.
කැනඩාවේ නිෂ්පාදිත ඕධථඡචපඤඪඥප - ඛ්ඹ් 604 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපොළට කිලෝමීටර් 370ක් දුරින් පිහිටි ඉඩචඩප-ඥ ම්ධපඤ නගරය සමීපයට කඩා වැටී ඇත.

යානය ඉරානයට අයත් ගුවන් කලාපය හරහා පියාසර කරන අතර උඩුගුවනේදී ගිනි ගෙන තිබූ අතර එහි නියමුවා යානය පහතට ගෙන ඒමට අවසර ඉල්ලීමෙන් අනතුරුව රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ බව ඉරාන ගුවන් සේවා නිලධාරියකු පවසා ඇත.
මීට අමතරව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඡ්චඵබ අඪමඥප නම් වැවට හෙලිකොප්ටර් යානයක් පහත් වීමෙන් නියමුවා පමණක් බේරී එහි ගමන් ගත් මගීන් පස් දෙනාම මියගොස් ඇති බව බලධාරීහු පවසති.

අනතුරට පත්වූ ඡ්භපධජධනබඥප ඒ5 350 හෙලිකොප්ටරය පෞද්ගලික ඡායාරූප ගැනීමක් සඳහා එය අයත්  සමාගමෙන් කුලී පදනමට ලබාගෙන තිබිණි.




gossip lanka