gossip lanka

සෞදියේ වෙඩි තබා ඝාතනය කල ගෘහ සේවිකාවකගේ ඥාතීන් කල ඉල්ලීම මෙන්න

සෞදි අරාබියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකාවකගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා බලධාරීන් කඩිනමින් කටයුතු නොකරන්නේ නම් ප‍්‍රදේශවාසීන් සමග එක්ව විරෝධතාවක් ආරම්භ කිරීමට පවුලේ ඥාතීන් සූදානම් වනවා. අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර ඇගේගාල්ල, වදුරඹ නිවස පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ පවුලේ ඥාතීන් මේ බව දැනුම් දුන්නා.

ඇගේ දේහය කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සලසා ඇති බවයි අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙහිදී කියා සිටියා.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ 38 හැවිරිදි තිදරු මවක්. ඇය ඝාතනය කළ සෞදි අරාබි ජාතිකයා පසුව වෙඩි තබාගෙන දිවි හානිකර ගෙන තිබුණා. අවස්ථා ගණනාවකදී ගෘහ සේවිකාවක් ලෙස විදෙස් ගත වූ ඇය මීට මාස 9කට පෙර සෞදි අරාබියට පැමිණ තිබෙනවා.
gossip lanka