gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 16 කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය ඇතුළත් වාර්තාව ඉවත් කර ගනියි

ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ.

2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී අති අතර අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1 දක්වා පහත වැටී තිබේ.

වාර්තාව සැකසීම සඳහා අවශ්‍ය දත්ත අවසාන මොහොතේ ලැබුණු බවත් ඒ අනුව මෙම වාර්තාව නිකුත් කළ බවත්  කෙසේ නමුත් පසුගිය වසරේ මුල් කාර්තුවේ සිට සම්පූර්ණ වර්ෂයේ දත්ත නැවත ගණනය කිරීම හා සංශෝධනය කිරීම අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජේ සතරසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් මෙය දිගු ක්‍රියාවලියක් බවත් දත්තවල සුළු හෝ අඩුපාඩුවක් නොවීමට තමන් වගබලා ගන්නා බවත් දත්ත නැවත සකස් කර දින දෙකක් හෝ තුනක් තුළ වාර්තාව නැවත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka