gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්නෙපා - සංගා, මහේල

පසුගිය දින කිහිපයේ සිට දිවයිනේ පවතින ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සිය කනස්සල්ල හා විරෝධය පළ කර තිබේ.

ට්විටර් පණිවිඩයක් මගින් සංගක්කාර පවසා ඇත්තේ
මෙසේය :


“ජාතිය හෝ ආගම පදනම් කරගෙන මෙරට කිසිවෙකු කොන්කිරීමට නොහැකි අතර, ඔවුන්ට තර්ජන කිරීමට හෝ හානි කිරීමට ද නොහැකිය. අපි එකම රටක්. එකම දැයක්. ආදරය, විශ්වාසය හා පිළිගැනීම අප පොදු භාවිතාව විය යුතුයි. වර්ගවාදය හා ප්‍රචණ්ඩත්වය සඳහා ඉඩක් නැත. නවත්වන්න. එකට ශක්තිමත්ව නැගී සිටිමු,” යැයි ඔහු පවසා තිබේ.

මේ අතර, මහේල ද ට්විටර් පණිවිඩයක් මගින් අදහස් දක්වා තිබුණේ මෙසේය :


“මා, පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් තරයේ හෙළා දකින අතර, මීට සහභාගී වූ සෑම දෙනාම ජාතිය හෝ ආගම නොතකා නීතිය ඉදිරියට රැගෙන ආ යුතුය. මා හැදී වැඩුණේ අවුරුදු 25 ක් පුරා පැවති සිවිල් යුද සමයක් තුළයි. මතු පරපුරට ද එවැනි ඉරණමක් උදාවනවාට අකමැති වෙමි,” යැයි මහේල පවසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka