gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Online ගණුදෙනුවලටත් නීති රාමුවක්

‍අන්තර්ජාලය ඔස්සේ සිදුවන ගණුදෙනු සඳහා නව නීති රාමුවක් හදුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

ශ්‍රි ලංකාව තුළ ඊ - කොමස් සම්බන්ධයෙන් දැනට පවතින නීති රෙගුලාසි දුර්වල වීම හා ඒ සම්බන්ධව හොඳින් ක්‍රියාත්මක වන නියාමන රාමුවක් නොතිබීම ගැටලුවක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

 එම නිසා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය සමඟ
එක්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊ - කොමස් සම්බන්ධයෙන් නව නීති රාමුවක් සකස් කිරීම සඳහා කතිකාවතක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය ආයතන, මහජනතාව හා පෞද්ගලික අංශ වල සහයෝගීත්වයෙන් අද (15) සහ හෙට (16) යන දෙදින කොළඹදී මෙම කථිකාවත පැවැත්වීමට නියමිතය.

මේ වන විට මෙරට ජනගහණයෙන් සියයට 33ක් අන්තර්ජාලය භාවිතා කරන අතර අවුරුදු 25ත්, 34ත් අතර වයස් කාණ්ඩය ඒ අතර ඉහළ අගයක් ගන්නා බව වාර්තා වේ.

අන්තර්ජාල වෙළඳපොල පුළුල් වීමත් සමඟ පාරිභෝගිකයන් හා සේවා සපයන්නන් මුහුණපාන ගැටලු සැලකිල්ලට ගනිමින් එම පාර්ශව වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන නීති රාමුවක් සකස් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka