gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රමිත්ගේ ලයිසන් කැන්සල්

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

පසුගිය සිකුරාදා නාවල ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් පසු බීමතින් සිටි රමිත් රඹුක්වැල්ල මහතා යතුරු
පැදියේ සිටි විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට ගිණි අවි පෙන්වා පහරදීමේ චෝදනාවට නාරාහේන්පිට පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදි.

අනතුරුව පොලිස් ඇප මත සිටි රමිත් රඹුක්වැල්ල ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළ නඩුව ජුනි 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.

රමිත් රඹුක්වැල්ල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ඊයේ (12 දා) දිනයේද "Tamil Union " වෙනුවෙන් එක්දින ක්‍රිකට් තරඟයකට සහභාගී වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කෙසේ වෙතත් ඔහුගේ මෙම හැසිරීම පිළිබඳව අද දිනයේදී කළමණාකරුවන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගන්නා බවද එම ආයතනය පවසයි.

මීට පෙර 2016 වර්ෂයේද මේ ආකාරයේ සිදුවීමක් රමිත් රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් සිදුව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka