gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය සේවාව වැට්වලින් නිදහස්

සියලුම සෞඛ්‍ය සේවාවන් වැට් බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල සන්දේශය සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාට
ඊයේ (05 දා ) උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් පෞද්ගලික රෝහල් රෝගීන්ගේ බිල්පතට වැට් බදු එකතු කිරීම නිසා රෝගීන් දැඩිව පීඩාවට පත්ව ඇති බව විවිධ සංගම් සහ පෞද්ගලික රෝහල් සංගමය පෙන්වාදීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් නොව සේවාවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා රෝගීන් පීඩාවට පත්වන තීන්දු තීරණ පිළිබඳව යළි සලකා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka