gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටියාගලට බඹර ප්‍රහාරයක් (photos)

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ පහළ කොටසේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප‍්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරුවන් පස් දෙනෙකු බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.

අද (14 දා) උදැසන 9.30 ට පමණ තේ පඳුරක් මත
බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී මෙය සිදුවූ බව තුවාල ලැබූ වතුකම්කරුවන් කියා සිටී.

මෙම බඹර ප‍්‍රහාරයට ලක්වූවන් අතර සිව් දෙනෙකුම කාන්තාවන්ය.

මෙම තුවාලකරුවන් අතරින් සිව්දෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර එක් වතුකම්කරු කාන්තාවක් පමණක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව බගවන්තලාව රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසුවේය.

රංජිත් රාජපක්‍ෂ - හැටන් වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka