gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊළාම් ගිණුම් වැසිකිළි වළකින් මතුවෙයි

කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස්‌පොත් ගණනාවක්‌ කිළිනොච්චියේ වළකින් මතු වී තිබේ.

කිළිනොච්චියේ වැසියකු වැසිකිළි වළක්‌ කැපීමට ගිය අවස්‌ථාවේදී පොලිතින් උරයක බහා වළලා තිබූ මෙම පාස්‌ පොත් තොගය හමුවී ඇත.

කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ.
සංවිධානය විසින් ඔවුන්ගේ ඊළාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී විවිධ ගිණුම් වර්ග හඳුන්වාදී තිබිණි.

බාලවයස්‌කාර ගිණුම් සඳහා විශාල පොලියක්‌ ලැබුණු අතර උතුරේ රජයේ සේවකයන් මෙන්ම සෙසු පිරිස්‌ද එකල බාලයස්‌කාර ගිණුම් විශාල සංඛ්‍යාවක්‌ පවත්වා ගෙන ගියහ. මීට අමතරව ස්‌ථිර ගිණුම් ධන යෝජන ගිණුම්, ආදි වශයෙන් ගිණුම්ද කාන්තාවන් හා පාසල් ළමයින් වෙනුවෙන් තවත් විශේෂ ගිණුම්ද එම බැංකුවල පවත්වා ගෙන යන ලදී.

උතුරේ වැසියන් එම ගිණුම්වල ආයෝජනය කරන ලද මුදල් සියල්ලම අපතේ යන ලදී. යුද්ධය හමාර වීමත් සමඟම ඊළාම් බැංකු අහෝසි වූ අතර එම ගිණුම්ද පළක්‌ නොමැති ගිණුම් බවට පත්වුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka