gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර අන්තර්ජාලෙත් අවුල් වෙයි?

මේ වන විට රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම්වල අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලය ඔස්සේ පාරිභෝගිකයන් කර ඇති විමසීම් වලට ප්‍රතිචාර දක්වමින් ඩයලොග් ආයතනය පවසා ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උපදෙස් මත, යළිත් දැනුම්දීමක් සිදුකරන තුරු මහනුවර
දිස්ත්‍රික්කයේ අන්තර්ජාල පහසුකම් ((3g/4g) ‘අවහිර’ (restrain) කර ඇති බවයි.

මේ පිළිබඳව  විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මහනුවරට අන්තර්ජාල පහසුකම් අත්හිටුවා නොමැති බවයි.

කෙසේ වෙතත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත සමාජජාල සහ වෙබ් අඩවිවලට එක්කරන සටහන් පින්තූර ඇතුළු තොරතුරු යම් තේරීමකට ලක් කිරීමට (filter) ආරක්ෂක අමාත්‍යංශයෙන් දන්වා ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට අන්තර්ජාලය යම් අඩපණ වීමකට ලක්ව ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

මෙම තත්ත්වය තව හෝරා කිහිපයක් පැවතිය හැකි බවද එම කොමිසන් සභාව වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka